අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යනු, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් එහි උන්නතියත් සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍ය සංගම් එක්ව ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංවිධානයකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ආරම්බය 1978 දක්වා දිවයයි. එදා සිට අද දක්වා කාලය තුල දැවැන්ත කැපකිරීම්, මැදිහත්වීම්, සටන් ගණනාවක් ඔස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය විකාශනය වී ඇත.