විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුල ඒවායේ යම් පරිපාලන කණ්ඩායම් විසින් සිදුකරමින් පවතින අත්තනෝමතික ශිෂ්‍ය මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අද (08) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බාරදෙන ලදී. විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණික ආයතනයේ (NDT) පරිපාලනය විසින් සිදුකරන ශිෂ්‍ය මර්දනය පිළිබඳව මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයාටද පැහැදිළි කිරීමක් සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් උපසභාපතිවරයා තම අවධානය යොමුකර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දැනුවත් කරන බව ප්‍රකාශ කර සිටියේය.




