+94 776 533 880 iusf@iusfsrilanka.org

2026 අයවැයට අන්තරයෙන් යෝජනාවලියක්

2026 වර්ෂයේ අයවැය තුළින් අමාත්‍යංශ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා සැලකිය යුතු අවධානයක් යොමුකලයුතු බවත්, එහිදී අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වත් වෙන්කිරීමේ අනාගත ඉලක්කය සපුරාගැනීමේ මූලික පියවරක් ලෙස මෙම අයවැය භාවිතකල යුතු බවටත් සඳහන් කරමින් එළඹෙන අයවැය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල යෝජනාවලියක් මුදල් අමාත්‍යාංශය වෙත බාරදීම 2025 සැප්තැම්බර් 24 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සිදුකලේය. ඉහත කී වැඩපිලිවෙල සාර්ථක කරගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් හඳුනාගෙන ඇති මූලික කාරණාවන්ගේ ලයිස්තුවක් මෙයට ඇතුළත් කොට ඇත.

Related Posts