+94 776 533 880 iusf@iusfsrilanka.org

HND ආයතන පද්ධතිය තුල පවතින ගැටලු පිලිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2025-11-14 දින කොලඹ එන්.එම් පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී, උසස් ජාතික ඩිප්ලෝමා (HND) ආයතන පද්ධතිය තුල මේ වනවිට මතුව ඇති අධ්‍යාපන සහ සුභසාධන ගැටලු පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකෙරිණි.

විශේෂයෙන්ම HND ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් රජයේ ගුරු පත්වීම් සඳහා බඳවා නොගැනීම නිසා එම ඩිප්ලෝමාධාරීන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයත් පාසල් තුල මතුව ඇති ගුරු හිඟය පිලිබඳවත් අවධාරණය කරන ලද අතර ඩිප්ලෝමා හදාරන සිසුන් හට එය උපාධියක් දක්වා සම්පූර්ණ කරගැනීම සඳහා වන වැඩපිලිවෙලක අවශ්‍යතාවද මතුකරන ලදී.

තවද, උසස් ජාතික ඝණකාධිකාරී ඩිප්ලෝමා ධාරින්ට රාජ්‍ය සේවයට පිවිසීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට වැඩපිළිවෙළක් සකස්කරන ලෙසත් මෙහිදී අවධාරණය කරන ලද අතර සියලු ආයතන තුල පවතින ආචාර්යවරුන්ගේ හා ශිල්ප ප්‍රදර්ශකවරුන්ගේ හිඟය නිසා මේ වනවිට ලබන අධ්‍යාපනයේ ගුණාත්මකබාවයද යම්කිසි මට්ටමකින් අභියෝගයට ලක්වෙමින් පවතින බව පෙන්වාදුනි.

 

Related Posts