ජූලි 22 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ලේකම් පැතුම් අමරකෝන් සහෝදරයා සහ ජාතික සංවිධායක අශේන් ශිවන්ත සහෝදරයන්ගේ සහභාගිත්වයෙන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සමග සාකච්ඡාවක් එම විශ්වවිද්‍යාලයේදී පවත්වන ලදී. එම සාකච්ඡාව සදහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි සභාපති ෂෙහාන් ජයසිංහ සහෝදරයා ඇතුලු නියෝජිත පිරිසක් සම්බන්ධ විය.
එම සාකච්ඡාවෙන් පසුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමග එක්ව කටයුතු කිරීමට තීරණය විය.








