+94 776 533 880 iusf@iusfsrilanka.org

අධ්‍යාපනවේදී උපාධියේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න සමග පැවැත්විණි.

අධ්‍යාපනවේදී උපාධිය සම්බන්ධයන් මේ වනවිට මතුවී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සමඟ අද 2025 සැප්තැම්බර් 02 දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විනි.

පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ලබාදෙන ගුණාත්මක බවෙන් ඉතාමත් අඩු උපාධි සහිත උපාධිධාරීන්ද රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිලිබඳව සාකච්ඡා කල අතර මේ තත්වය සම්පූර්ණයෙන් වලක්වා ගැනීම සඳහා සිදුකල හැකි ක්‍රියාමාර්ග පිලිබඳව යෝජනා ඉදිරිපත්කරන ලදී. එහිදී අධ්‍යාපනවේදී උපාධිය සම්බන්ධයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ශිෂ්‍යයන් විසින් සකස් කරන ලද නිර්ණායකයන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අවධාරණයට ලක් කරන ලදී. එසේම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ ක්‍රියාවලියට අදාළ ව්‍යවස්ථාවේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යෝජනා කිහිපයක් කළ අතර බඳවාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ලදී.

Related Posts