රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉගැනුම ලබන සිසුන් සඳහා ලබාදෙන මහපොල ශිෂ්‍යත්ව වාරිකය පිලිබඳව මතුවී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද 2025/11/03 දින වෙලඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත සම්බන්ධ විය.
එහිදී මහපොල ශිෂ්‍යත්ව වාරිකය ජීවන වියදමට සරිලන සේ වැඩිකල යුතු බවට සහ ඒ සඳහා 2026 අයවැය තුල ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කල අතර මහපොල ශිෂ්‍යත්වය පිරිනැමීමේදී සලකා බලන ආර්ථිකමය කාරණා වර්තමාන ආර්ථිකයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීම සිදුකල යුතු බවටද කරුණු ගෙනහැර දැක්වීය.
තවද, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉගැනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ලබාදෙන වාරිකය වැඩිකිරීමටත් ක්‍රීඩා කටයුතු වල සහ පර්‍යේෂණ කටයුතු වල නිරත වන සිසුන් සඳහා විශේෂ දීමනාවක් ලබාදීමටත් ඇති හැකියාව සම්බන්දයෙන්ද සලකාබලන ලෙසට මෙහිදී ඉල්ලිම් කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූහ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()





