2025.08.21 වන අද දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුකල සාකච්ඡාවක් සඳහා සම්බන්ධ විය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් තුමා ඇතුලු පිරිසක් සම්බන්ධ වූ අතර මේ වනවිට වෛද්‍ය අධ්‍යාපනය තුල මතුව ඇති ප්‍රධාන ගැටලු ගණනාවක් පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කරණු ගෙන හැර දැක්වීය.
විශේෂයෙන් මොරටුව සහ ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨ වල මහාචාර්‍ය ඒකකයන් මේ වන විටත් ස්ථාපිත කර නොමැති නිසා ශිෂ්‍යයන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය පිලිබඳවත් ඒ සඳහා කඩිනමින් මැදිහත් විය යුතු බවත් සාකච්ඡා කල අතර මහාචාර්ය ඒකක වෛද්‍ය සභාවේ ප්‍රමිතීන් සපුරාලන පරිදි ස්ථාපිත කිරීමටද එකග විය. තව ද දේශීය වෛද්‍ය සිසුන් ඔවුන්ගේ සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබ සිටියත් ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් සලසා දීමට තවමත් බලධාරීන් අපොහොසත් වී ඇති බවත් මෙය නොවිසිඳෙන ගැටළුවක් බවට දිනෙන් දින පත්ව ඇති බවත් සාකච්ඡාවේදී මතු කෙරුණි. ඊට අමතරව කොළඹ හෙද පීඨයේ ඉඩම සම්බන්ධයෙන් මතුවී ඇති නෛතික ගැටලු නිසා එහි සංවර්ධන කටයුතු වලට විශාල බාධාවන් ප්‍රමාණයක් පැන නැගී ඇති බවත් හැකි ඉක්මනින් එම නෛතික කටයුතු විසඳා එහි අයිතිය හෙද පීඨයට ඉක්මනින් ලබාදීමට ඇති හැකියාව පිළිබඳවද අද දින සාකච්ඡාවට බඳුන්විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය





