රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන සහ සුබසාධන ගැටලු පිළිබඳව වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද දින සම්බන්ධවිය. මෙම සාකච්ඡාව නාරාහේන්පිට ” නිපුණතා පියස” වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකල අතර ඒ සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.




