දේශීය වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් මුහුණදෙමින් සිටින ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය 2025/11/06 දින සෞඛ්‍ය අමාත්‍යංශය වෙත සම්බන්ධවිය. මෙහිදී, දේශීය වෛද්‍ය සීමාවාසික පුහුණුව සඳහා ප්‍රමාණවත් පුහුණු ස්ථාන නොමැතිකම නිසා මුහුණදෙන ගැටලුව සහ සිද්ධ වෛද්‍ය පීඨවල සිසුන්ට සීමාවාසික පුහුණුවේදී අවශ්‍ය වන ඖෂධ නොමැතිකම නිසා මතුව තිබූ ගැටලුව පිලිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණි.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ අදාල අමාත්‍යංශවල නිලධාරින් පිරිසක් සම්බන්ධ වූහ.














