මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) අධ්‍යක්ෂකවරයා ගෙනයන මිලිටරීකරණ මර්ධනකාරී වැඩපිලිවෙල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කර ගෙනයන අත්තනෝමතික පංති තහනම් පිලිබඳව සාකච්ඡාවක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2025/10/03 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සම්බන්ධ විය. මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති මහාචාර්ය වසන්ත කුමාර සහ අදාල විශ්වවිද්‍යාලවල පරිපාලන නිලධාරීන් ඇතුලු පිරිසක් සම්බන්ධ විය.





