+94 776 533 880 iusf@iusfsrilanka.org

By

vimansa
ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වැඩිම හානිය සිදුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිසකර කිරීමේ “දිරි පවුර – ශ්‍රම මෙහෙයුම” 2025/12/04 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
Read More
ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතු කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ “දිවි පවුර” වැඩසටහන මගින් දිවයින පුරා විශ්වවිද්‍යාලවල එක්රැස් කර ගන්නා ලද අත්‍යවශ්‍ය භාණ්ඩ තොග බදුල්ල, පුත්තලම හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් බෙදා දීම සිදු කෙරිණි.
Read More
උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් මුහුණ දෙන අධ්‍යයන, සුබසාධන ගැටලු වලට විසඳුම් ඉල්ලා අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව පවත්වන ලද විරෝධතා පාගමන – 2025/11/18  
Read More
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2025-11-14 දින කොලඹ එන්.එම් පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී, උසස් ජාතික ඩිප්ලෝමා (HND) ආයතන පද්ධතිය තුල මේ වනවිට මතුව ඇති අධ්‍යාපන සහ සුභසාධන ගැටලු පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකෙරිණි. විශේෂයෙන්ම HND ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් රජයේ ගුරු පත්වීම් සඳහා බඳවා නොගැනීම නිසා එම ඩිප්ලෝමාධාරීන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයත් පාසල් තුල...
Read More
2025/11/11 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් එම නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ත්‍රිකුණාමල මණ්ඩප පරිශ්‍රයේදී පවත්වන ලදී. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ පොදු ජන අයිතීන් සුරැකීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන හා ව්‍යාපාර...
Read More
දේශීය වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් මුහුණදෙමින් සිටින ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය 2025/11/06 දින සෞඛ්‍ය අමාත්‍යංශය වෙත සම්බන්ධවිය. මෙහිදී, දේශීය වෛද්‍ය සීමාවාසික පුහුණුව සඳහා ප්‍රමාණවත් පුහුණු ස්ථාන නොමැතිකම නිසා මුහුණදෙන ගැටලුව සහ සිද්ධ වෛද්‍ය පීඨවල සිසුන්ට සීමාවාසික පුහුණුවේදී අවශ්‍ය වන ඖෂධ නොමැතිකම නිසා මතුව තිබූ ගැටලුව පිලිබඳව ප්‍රධාන වශයෙන්...
Read More
රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉගැනුම ලබන සිසුන් සඳහා ලබාදෙන මහපොල ශිෂ්‍යත්ව වාරිකය පිලිබඳව මතුවී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද 2025/11/03 දින වෙලඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත සම්බන්ධ විය. එහිදී මහපොල ශිෂ්‍යත්ව වාරිකය ජීවන වියදමට සරිලන සේ වැඩිකල යුතු බවට සහ ඒ සඳහා...
Read More
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල මේ මොහොතේ පවතින අධ්‍යාපන, සුබසාධන ගැටලු සහ 2026 අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමේදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද 2025/10/16 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
Read More
2025 ඔක්. 13 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ පොදු ජන අයිතීන් සුරැකීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය...
Read More
මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) අධ්‍යක්ෂකවරයා ගෙනයන මිලිටරීකරණ මර්ධනකාරී වැඩපිලිවෙල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කර ගෙනයන අත්තනෝමතික පංති තහනම් පිලිබඳව සාකච්ඡාවක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2025/10/03 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සම්බන්ධ විය. මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස්...
Read More
1 2

About Us

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යනු, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් එහි උන්නතියත් සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍ය සංගම් එක්ව ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංවිධානයකි.