+94 776 533 880 iusf@iusfsrilanka.org

Category

News
NDT හි මිලිටරීකරණ පාලනය අවසන්කර ඒ සඳහා සුදුසුකම්ලත් අධ්‍යක්ෂකවරයකු පත්කරනු! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කර ගෙන එන අත්තනෝමතික පන්ති තහනම් වහා හකුලාගනු! යන සටන් පාඨ මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය 2025/09/30 දින කොළඹ විශ්වවිද්‍යාලයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක නිරත විය.
Read More
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන සහ සුබසාධන ගැටලු පිළිබඳව වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද දින සම්බන්ධවිය. මෙම සාකච්ඡාව නාරාහේන්පිට ” නිපුණතා පියස” වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකල අතර ඒ සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.
Read More
අද දින (සැප්තැම්බර් 26) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු සහෝදරවරුන්ගේ සහභාගිත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ සහ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් කිලිනොච්චි පරිශ්‍රයේදී පවත්වන ලදී. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ පොදු ජන අයිතීන් සුරැකීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ සහ තාක්ෂණ පීඨ ශිෂ්‍ය...
Read More
2026 වර්ෂයේ අයවැය තුළින් අමාත්‍යංශ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා සැලකිය යුතු අවධානයක් යොමුකලයුතු බවත්, එහිදී අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වත් වෙන්කිරීමේ අනාගත ඉලක්කය සපුරාගැනීමේ මූලික පියවරක් ලෙස මෙම අයවැය භාවිතකල යුතු බවටත් සඳහන් කරමින් එළඹෙන අයවැය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල යෝජනාවලියක් මුදල් අමාත්‍යාංශය වෙත බාරදීම...
Read More
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුල ඒවායේ යම් පරිපාලන කණ්ඩායම් විසින් සිදුකරමින් පවතින අත්තනෝමතික ශිෂ්‍ය මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අද (08) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බාරදෙන ලදී. විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණික ආයතනයේ (NDT) පරිපාලනය විසින් සිදුකරන ශිෂ්‍ය මර්දනය පිළිබඳව මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...
Read More
අධ්‍යාපනවේදී උපාධිය සම්බන්ධයන් මේ වනවිට මතුවී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සමඟ අද 2025 සැප්තැම්බර් 02 දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විනි. පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ලබාදෙන ගුණාත්මක බවෙන් ඉතාමත් අඩු උපාධි සහිත උපාධිධාරීන්ද රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයට...
Read More
අධ්‍යාපනවේදී උපාධියේ ප්‍රමිතිය සඳහා නිර්ණායක සකසනු! අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ පටිපාටිය විධිමත් කරනු! යන සටන් පාඨ මූලික කරගනිමින් අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පා ගමනක් 2025.08.26 දින කොළඹදී සංවිධානය කරනු ලැබීය.    
Read More
2025.08.21 වන අද දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුකල සාකච්ඡාවක් සඳහා සම්බන්ධ විය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් තුමා ඇතුලු පිරිසක් සම්බන්ධ වූ අතර මේ වනවිට වෛද්‍ය අධ්‍යාපනය තුල මතුව ඇති ප්‍රධාන ගැටලු ගණනාවක් පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කරණු ගෙන හැර දැක්වීය.  විශේෂයෙන් මොරටුව සහ ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨ වල...
Read More
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අධ්‍යන සහ සුබසාධන ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2025.07.31 දින විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසන් සභාව හමුවිය. මේ වන විට උසස් අධ්‍යාපන ආයතන තුල පැන නැගී ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස එහිදී අවධාරණය කරන ලදී. විශ්වවිද්‍යාලය පද්ධතිය තුල ලබන වසරේදී ඉදිකිරීමට නියමිත නේවාසිකාගාර වල වාර්තාවක්ද අදාල...
Read More
අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා වන උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HND ENGLISH ) පාඨමාලා සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ලබාගැනීමට හැකි වු බව අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු චමිල්ක මදුෂාන් සහෝදරයා පැවසීය....
Read More
1 2 3

About Us

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යනු, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් එහි උන්නතියත් සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍ය සංගම් එක්ව ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංවිධානයකි.